Monday 29 August 2022

කාර්ප් මසුන් ගැන සින්හලෙන් දෙවන කොටස

 🔴කාප් දෙවෙනි කොටස🔴


👉 පළමු කොටසෙ කිව්ව වගේ කෝයි මසුන් 16 න් 5ක් ගැන පොඩි විස්තරයක් දෙන්නම්. ටයිප් කරන්න අමාරුයි ඇත්තටම ගොඩක් ඒකයි කොටස් වශයෙන් දන්නේ 👈


01. Kohaku 



කෝයි මත්ස්‍ය සම්ප්‍රදායේ ඇති මතයක් වන්නේ කෝයි මසුන් රැක බලා ගැනීම ආරම්භ වන්නේ මෙම වර්ගයෙන් හා අවසන් වන්නේද මෙම වර්ගයෙන් බවයි

කොහොමත් කෝයි කියද්දිම අපි ගොඩක් දෙනෙක්ට ඔලුවට එන නමක් තමයි Kohaku කියන්නේ.මෙම වර්ගයේ මසුන්ට සුදු පැහැති ශරීරයේ රතු පැහැති

පැල්ලම් ඇති අතර වෙනත් කිසිදු වර්ගයක් නොමැත.

මෙම වර්ගයේ කෝයි මාලුවෙක් ගන්නවනම්, මොවුන්ගේ හොදම තත්වයේ මසුන්ගේ ඔලුවේ රතු ලපයක් තියෙන්නම ඕන.

1888දි මෙම වර්ගයේ මත්ස්‍ය කලාව ආරම්භ වූ අතර තවමත් මොවුන් ජපානයේ වඩාත් ජනප්‍රියම මත්ස්‍යයෙක් වේ.

මෙම Kohaku මසුන්ගේ වර්ණ රටාව ගත් විට මොවුන්ද වරග කිහිපයකට බෙදිය හැක.

* Kuchibeni - මෙම වර්ගයේ තොල් පෙදෙස දක්වා විහිදෙන සලකුනක් මුහුණේ ඇත.

* Omoyo - මොවුන්ගේ ශරීරයෙන් හතරෙන් එකක් වඩා විශාල සලකුණක් පිහිටයි.එම සලකුණු ඔවුන් වැඩෙන විට විශාලවී පරිවර්තනය වේ.


02. Taisho Sanke ( නිවැරදි ලෙස Taisho Sanshoku කියලා තමයි කියන්නේ )



මොවුන්ගේ ආරම්භය පිලිබද යම් කරුණක් ඇත.මීට වසර 80කට පෙර ජපානයේ Taisho යුගයෙදී, Kohaku අභිජනන තොගයක් අතර

Sumi ආකාරයේ කලු සළකුණු සහිත Kohaku මත්ස්‍යයෙක් සොයා ගෙන ඇත.එම මත්ස්‍යයන් Kohaku සහ Showa මසුන්ට සමාන විය.

Sanke යන මත්ස්‍ය වර්ගය මම ඉහත ලිපියේ සදහන් කළ Big Three of the Koi world කණ්ඩායමෙන් එකෙකි.

Gosanke වර්ගයේ මසුන්ගේ හොදම තත්වයේ මසුන්ට හිම සුදු පැහැති ශරීරයේ තද රතු පැහැති සළැකුණු ඇත.👉 ( මම මේ පෝස්ට් එකේ දාලා තියෙන පැහැදිලි කිරීමක් නොකරපු නම් පළමු කොටසේ ඇත. sumi, gosanke වගේ නම් )👈

Sanke මසුන් Kohaku කාණ්ඩයට යැමට බලපා ඇත්තේ ඔවුන්ගේ ශරීරයේ Tejima ආකාරයට කළු පැහැති සළකුණු ඇති නිසා වේ.


03. Showa Sanshoku



මෙම මසුන්ගේ කළු ශරීරයේ රතු සහ සුදු සළකුණු ඇත.

තුන් වන Gosanke වර්ගය 1920 දී ප්‍රභේද දෙකක් මුහුම් කොට සංවර්දනය කල නමුත් 1970 වන විටත් එය සම්පූර්ණයෙන් සංවදනය නොවීය.අවාසනාවකට මෙන් ඔබ කෝයි මසුන් මිළදී ගන්න විට ඒ පිලිබද විශේශ දැනුමක් ඇති අභිජනන කරුවෙක්ගෙන් මසුන් මිළදී නොගන්නේ නම් ඔබට පිරිසිදු Showa හෝ Sanke  මත්ස්‍යයෙකු මිලදී ගත නොහැක.

මෙම වර්ග දෙකේ මසුන් ඔබට පහසුවෙන් හදුනා ගත හැක්කේ. Showa මසුන් කළු පැහැති වන අතර ඕනෑම තැනකකලු පැහැති සලකුනු තිබිය හැක.Sanke මසුන්ගේ ශරීරයේ Sumi ආකාරයේ රටා පමණක් ඇති අතර කවදාවත් හිසෙ කලු පැල්ලම් නැත.මෙම වර්ග දෙකම Kohaku Sanke වර්ගයෙන් පැවත එන අතර Showa ට වඩා කැපී පෙනෙන රතු සලකුනු Sanke ට පිහිටා ඇත.


04. Koromo



koromo එක් කණ්ඩායක වේ. මෙම මසුන්ගේ විවිද ප්‍රභේද නිශ්පාදනය කර ඇත්තේ Kohaku හා Asagi යන වර්ග මුහුම් කිරීමෙනි.Koromo මසුන්ගේ රතු සළකුණු ඇති කොරපොතු වල කොන  තද නිල් පැහැයක් ගනී.Kohaku මසුන් පාදක කර ගෙන සෑදුනු වර්ගයක් ලෙස ශරීරය පුරා රතු, සුදු සහ කළු වරණ සමතුලිතව තිබීම අභිජනන ක්‍රියාවලිය පිළිබද හොද සළකුණකි.Kohaku , Taisho Sanshoku සහ Showa sanshoku මසුන්ගේ රතු පැහැයේ තද නිල් පැහැය අධික ලෙස තිබෙන විට එම වර්ග පිළිවෙලට මෙසේ හැදින්වේ. Ai-goromo ( Blue garment ), Koromo Sanshoku සහ Koromo Showa...අනිත් ප්‍රභේද Sumi Goromo හා Budo Goromo වේ.කොරපොතු දැඩිව හා වර්ධනය වන විට Asagi සළකුණු හොදින් පෙනේ.


05. Tancho



tancho යනු ශරීරය පිරිසිදු සුදු වර්ණයෙනුත් හිසේ රතු වර්ණයෙන් ලපයක් ඇති Kohaku මසුන්ටයි.ජපානයේ ධජය හා සාම්ප්‍රදායික පූජනීය රතු ඔටුන්න යන දෙකටම සමානකම් මෙම Tancho මසුන් තුල ඇති නිස ඔවුන් ජාතික අභිමානයේ සලකුණකි.Tancho මෙන් රතු සලකුණක් වෙනත් කෝයි මසුන්ගේද තිබීමට හැකි නමුත්, Tancho ලෙස වර්ග කල හැක්කේ ශරීරයේ අනෙක් පෙදෙස් සුදු පැහැය ඇති මසුන්ට පමණි.මෑත කාලයේදී සිට මෙම මසුන්ගේ රතු ලපයේ හැඩය ත්‍රිකෝන හා වෙනත් හැඩයන්ගෙන් ද තිබුනාට ප්‍රශ්නයක් නැටි ලෙස සිතයි ඉතින් මෙම හැඩ සිරස් අතට සමමිතිකව ඇති අතර ඇස් හෝ මුඛය පුරාවට විහිදෙන්නේ නැත.

මොවුන්ගේ රතු සලකුන දීප්තිමත් හා තද රතු පාට විය යුතුය.ශරීරය පිරිසිදු කිරි සුදු පැහැති විය යුතුය.

ඇත්තටම Tancho මසුන් වර්ගය හිතා මතාම බෝ කළ නොහැකිය. එම හැඩය හා වර්ණ වාසනාවට මෙන් ඉබේම ලැබෙන දෙයකි.



🔴 ඊළග කොටසින් ඉතිරි මාලු එක එක්කෙනා ගැන විස්තර, බ්‍රීඩ් කරන විදිය, බලා ගන්න විදිය සහ ලෙඩ රෝග ගැන ගේන්නම් පේජ් එකට ලයික් එකක් දාලා තියා ගන්න 🔴


තව කෙනෙක්ට දැන ගන්න ශෙයා කරන්න.වැරැද්දක් හෝ ඔයාලත් දන්න දෙයක් තියෙයි නම් පහලින් කමෙන්ට් කරන්න. හොදයිනම් ඒකත් කියගෙනම යන්න. බුදු සරණයි ඔක්කොටම ☸🕉✝☪

කාර්ප් මසුන් ගැන සින්හලෙන් පළමු කොටස

🔴කාප් මසුන් ( පළමු කොටස )🔴


🔴හැදින්වීම🔴

මෙම මසුන්ට oriental carp , european carp, common carp, koi carp කියලා කියනවා.
මෙම කාර්ප් මත්ස්‍යයා මධ්‍යම ආසියාවට ආවේණික විශාල මිරිදිය මත්ස්‍යයෙකි. මෙම මසුන් හදුන්වා දීමත් සමග ඉතා සීග්‍ර ලෙස ප්‍රසිද්දියට පත් වුණි. 
මෙම මසුන් යුරෝපයේත් ආසියාවේත් මැද පෙරදිග රටවල පවා වගා කිරීමට තරම් අතිශය ජනප්‍රිය මාලුවෙකී.
පසුගිය දශක කිහිපය තුළ කාප් මසුන් ගිනිකොන දිග ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්ත වී තිබේ.


🔴විස්තර🔴

කාප් මසුන් Cyprinidae පවුලට අයත් වන මත්ස්‍යයෙකි.කුඩා කාප් පැටවුන් ගෝල්ඩ් ෆිශ් මසුන්ට බෙහෙවින් සමානය එම නිසා ඔවුන් වෙන් කර හදුනා ගැනීමට
ඔවුන්ගේ කට ප්‍රදේශයේ තිබෙන රැව්ල් යුගලය බාවිතා කළ හැක.ඔවුන්ට කුඩා ඇස් හා ඝනකම තොලක් පිහිටන අතර කොරපොතු විශාල හා ඝනකම වේ.
මොවුන් විවිද වරණ වලින් යුක්ත වේ.මෙහිදී කෝයි කාප් ගෘහාශ්‍රිතව සාදන ප්‍රසිද්දම ප්‍රභේදය වන අතර ඔවුන් සුදු,කලු,රතු,කහ,නිල් සහ තැබිලි යන
වර්ණයන්ගෙන් යුක්ත වේ.
මෙම මසුන් විශාල ලෙස වර්ධනය වේ. මෙතෙක් හමුවූ විශාලම කාප් මත්ස්‍යයා මීටර 1.2 පමණ දිගකින් යුක්ත වන අතර බර කිලෝග්‍රෑම් 60ක් පමණ වේ.
කාප් මසුන් සාමන්‍යයෙන් නිශ්චල හෝ සෙමින් ජලය ගලා බිහින ප්‍රදේශ හා ජලජ ශාක බහුල ප්‍රහේශ වාසස්තාන ලෙස තෝරා ගනී.


🔴කාප් විශේෂ🔴

1.silver carp ( hypophthalmichthys molitrix [ valenciennes - 1844 ] ) - උපරිම දිග 105cm පමණ වේ. 


2.common carp ( cyprinus carpio [ linnaeus - 1758 ] ) - උපරිම දිග 110cm පමණ වේ. උපරිම ලෙස අවුරුදු 38 පමණ ජීවත් වේ.


3.grass carp (ctenopharyngodon idella [ valenciennes - 1844 ] ) - 150cm උපරිම දිගකින් යුක්ත වේ. අවුරුදු 21 පමණ ජීවත් වේ.


4.bighead carp ( hypophthalmichthys nobilis [ richardson - 1845 ] ) - 145cm පමණ උපරිම ලෙස විශාල වේ.අවුරුදු 20 පමණ ජීවත් වේ.


5.crucian carp ( carassius carassius [ linnaeus - 1758 ] ) - 60cm පමණ උපරිම ලෙස  විශාල වේ. අවුරුදු 10 පමණ ජීවත් වේ.


6.catla carp/indian carp ( cyprinus catla [ hamilton - 1822 ] ) - 182cm පමණ උපරිම ලෙස විශාල වේ.


7.mrigal carp ( cirrhinus cirrhosus [ bloch - 1795 ] ) - 100cm පමණ උපරිම දිගකින් යුක්ත වේ.


8.black carp ( mylopharyngodon piceus [ richardson - 1844 ] ) - 122cm පමණ උපරිම දිගකින් යුක්ත වේ.උපරිම ලෙස අවුරුදු  13 පමණ ජීවත් වේ.


9.mud carp ( cirrhinus molitorella [ valenciennes - 1844 ] ) - 55cm පමණ උපරිම විශාත්වයකින් යුක්ත වේ.


🔴කෝයි කාප් මසුන් වර්ග🔴


👉Nishikigoi - True koi
👉Hirenagagoi - Butterfly koi
👉Gosanke ( The big three ) - Kohaku, Sanke, Showa
👉Doitsu - කොරපොතු රහිත කෝයි මසුන්
👉Hi - Red
👉Shiro - White
👉Ki - Yellow
👉Sumi - පිටුපස පෙදෙසේ කලු පුල්ලි සහිත කෝයි මසුන්
👉Tejima - කරමල් අසල ඇති වරල් ( pectoral fins ) වල විසිරී ඇති කලු පුල්ලි සහිත කෝයි මසුන්
👉Gin rin


🔴දැන් අපි බලමු නිතරම වගේ දකින්න ලැබෙන කෝයි මසුන් ගැන🔴


Kawarimono


Yamabuki Ogon


Purachina


Matsuba


Kumonryu


Hikari


Bekko


Utsuri


Hirenaga


Shusui


Asagi


Tancho


Koromo


Showa Sanshoku


Taisho Sanke


Kohaku

          දන්න දෙයක් තියෙයිනම් කියන්න අනිත් අයටත් දැන ගන්න

🔴 ඊළග කොටසින් උඩ තියෙන මාලු එක එක්කෙනා ගැන විස්තර, බ්‍රීඩ් කරන විදිය, බලා ගන්න විදිය සහ ලෙඩ රෝග ගැන ගේන්නම් පේජ් එකට ලයික් එකක් දාලා තියා ගන්න 🔴

තව කෙනෙක්ට දැන ගන්න ශෙයා කරන්න. බුදු සරණයි ඔක්කොටම ☸🕉✝☪

planted tank sinhala

Planted ටැන්කියක් සාදා ගැනීමේ පියවර

ශාක

මුලින්ම ටැංකිය තුළ ඔබට අවශ්‍ය ශාක වර්ග මොනවාදැයි තීරණය කරන්න.සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් තෝරා ගන්නේ  Anubias, Java වගේ ශාක වේ.මේවා ප්‍රධාන වර්ග අතර වේ, Moss යනු සෑම තත්වයකම පාහේ වර්ධනය වන තවත් ශාකයකි; එය Planted ටැන්කියකට ගොඩාක්ම සුදුසු වේ.


Anubias & Java

Anubias හා Java උපස්තරයේ තැන්පත් නොකළ යුතු අතර ඒවා ජලයෙන් කෙලින්ම පෝෂණය වන ශාක වන අතර බොරළු තුළට දැමුවහොත් ඒවා මිය යනු ඇත.ඒවා තරමක් මන්දගාමීව වැඩෙන නමුත් කොට කැබැල්ලක හෝ පර්වතයකට සවි කර ඇත්නම් ඒවා ඉතා අලංකාර ලෙස වැඩේ.

Moss

Moss ‍යනු වේගයෙන් හෝ මන්දගාමීව වර්ධනය වන වර්ගයක් වන අතර පෝෂ්‍ය පදාර්ථ හා ආලෝකය මත පදනම්ව විවිධ ආකාරයෙන් වැඩෙනු ඇත.

ප්‍රධාන සාධක

planted ටැන්කියක් ඔබේ ටැන්කියේ සිටින් මසුන්ට ඉතා හිතකර හා සෞඛ්‍ය සම්පන්න වේ.ටැන්කියේ ඇති ශාක සඳහා ආලෝකකරණය, පෝෂ්‍ය පදාර්ථ හා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය වේ.

ආලෝකය

පැලෑටි වැඩීමට හා පවත්වා ගැනීමේදී ආලෝකකරණය වැදගත් සාධකයකි.සොබාදහමේදී සූර්යාලෝකය ශාක වර්ධනයට හේතු වේ.ටැන්කිය තුලදී අපිට සූර්‍යාලෝකය දිය නොහැකි නිසා ඒ සදහා ආදේශකයක් ලෙස හොද light එකක් භාවිතා කළ හැකිය.
ශාක වල ස්වාභාවික පිහිටීම සෙවණ සහිත ප්‍රදේශවල තිබීම නිසා, ඔබට ගැලුම් එකකට ආලෝකය වොට් 1-2 ක් පමණ දැමිය හැක. උදාහරණයක් ලෙස ඔබේ ටැංකිය ගැලුම් 50 ක් නම්, ඔබට ආලෝකය 50-100 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.
LED සවිකිරීම් පැරණි ආලෝකකරණ විලාසිතාවන්ට වඩා ජනප්‍රිය හා කාර්යක්ෂම වී ඇත.

පොහොර | පෝෂ්‍ය පදාර්ථ

ශාක වලට අවශ්‍ය පෝශනය ටැන්කියේ නොමැත. මෙයට හේතුව ටැන්කිය සංවෘත වීමයි.සොබාදහමේ දී ඇළ දොළ සහ විල් තුල කාබනික ද්‍රව්‍ය හා පිටාර ගැලීම් වල වැසි ජලය පිරී ඇත මේවා නිසා එහි ඇති ශාක ඉතා හොදින් වැඩේ.
නමුත් ටැන්කියක් තුලදී අප මුලින් එකතු කරන දේවල් වලින් හෝ විටින් විට අප එයට පොහොර දමන්නේ නම් පමණක් ශාක වලට අවශ්‍ය පෝශනය ලැබේ.
මේ සදහා ක්‍රම දෙකක් තිබේ.

  1. හොද පෝශණයක් අඩංගු උපස්ථරයක් හෝ බොරළු ය. මෙහිදී සෑම මාලු වෙළද සැලකින්ම පාහේ මේවා මිලදී ගත හැක.
  2. දෙවන ක්‍රමය දියර වශයෙන් ඇති පෝශ්‍ය පදාර්ත එකතු කිරීම වේ.මේවා වචනාර්ථයෙන් යකඩ, මැග්නීසියම්, පොටෑසියම් සහ ඔබේ ශාකයට අවශ්‍ය අනෙකුත් සාර්ව / ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය එකතු කරයි.මේවාද ඔබටා බොහෝ මත්ස්‍ය වෙළද සැල් වලින් ලබා ගත හැක.
Planted ටැන්කි හොදින් පවත්වාගෙන යන බොහෝ දෙනෙක් තම ශාක වේගයෙන් හා සෞඛ්‍ය සම්පන්නව වර්ධනය සහතික කිරීම සඳහා මෙම ක්‍රම දෙකම භාවිතා කරයි.
ජලයේ ඇති පෝශ්‍ය පදාර්ත වලින් වැඩෙන java හා anubias ශාක සදහා මෙම දියර ක්‍රමය වඩාත් ගැලපේ.
පොහොර නොමැතිව පැලෑටි වගා කළ හැකි. නමුත් එහිදී ශාකය පෝෂ්‍ය පදාර්ථ හිඟයකින් සෙමෙන් සාගින්නෙන් වැඩෙන අතර සිහින් සහ දුර්වල ලෙස වර්ධනය වේ.

cO2 එකතු කිරීම

කාබන් ඩයොක්සයිඩ් යනු මින්මැදුරේ ශාකවල වර්ධන වේගය සහ සෞඛ්‍යයට බලපාන තුන්වන ප්‍රධාන සාධකයයි.කෙසේ වෙතත් ජලජ ශාක ජලය හරහා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරයි.
කෙසේ වෙතත් වෘත්තීය ලෙස ජලජ ශාක සාදන්නන් විශාල CO2 කැනිස්ටර්, කුහර නල සහ diffusers භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ් ශාක වලට උරාගත හැකි අයුරින් ටැන්කිය තුලට විසුරුවා හරිනු ලැබේ.CO2 කැනිස්ටර් ඉතා හොඳින් ක්‍රියා කරන නමුත් මිල අධිකය, විශේෂයෙන් මුලිකවම මේ සදහා අවතීර්න වන අයට වඩා දැරිය හැකි විකල්පයක් වන්නේ මිල අධික උපකරණවල පිරිවැය වළක්වා DIY CO2 භාවිතා කිරීමයි.
මේ ආකාරයට ඊස්ට් විශාල ප්ලාස්ටික් බෝතලයක සීනි සමඟ ප්‍රතික්‍රියා කරයි.මෙම රසායනික ප්‍රතික්‍රියාව මඟින් CO2 මින්මැදුරට මුදා හරිනු ඇත. CO2 මාත්‍රාව නිවැරදිව සිදු කිරීමෙන් ශාක වර්ධන වේගය විශාල ලෙස ඉහළ යනු ඇත.

ඉහත සඳහන් දේ අනුගමනය කිරීමෙන් ඔබේ මින්මැදුරට ශාක එක් කිරීමේදී කළ යුතු දේවල්  3 ක් ඇත. මේවා ආලෝකකරණය, පෝෂ්‍ය පදාර්ථ සහ කාබන් ඩයොක්සයිඩ් ය.මේවා එකිනෙකා සමඟ සමතුලිතව තිබිය යුතු අතර එය මින්මැදුරේ සෞඛ්‍යයට වැදගත් වේ. එසේ නොමැතිව ඒවා වෙනස් වුවහොත් අනවශ්‍ය ලෙස ඇල්ගී වර්දනය විය හැක.
ඔබ DIY CO2 ක්‍රමය තෝරා ගන්නේ නම්, පරිමාව සහ රෝපණ ඝනත්වය මත පදනම්ව ඔබට මින්මැදුරට කොපමණ CO2 බුබුලක් අවශ්‍යදැයි ගණනය කිරීමට වග බලා ගන්න.
දිනකට උපරිම පැය 8-10 අතර කාලයක් විදුලි පහන් ක්‍රියාත්මක කරන්න.දවසේ පැය 24 පුරාම මින්මැදුරේ ආලෝකය තබන්න එපා.

මින්මැදුරේ පැල සිටුවන ආකාරය

පැළ රෝපණය මින් මැදුරක ප්‍රධාන අංගයකි.පැල සිටුවීමට පෙර සුළුවෙන් හෝ සිටුවන ආකාරය සැලසුම් කර ගත හැකිනම් එය මින් මැදුර දිගු කලක් පවත්වාගෙන යැමට උදව්වක් වේ.සැලසුම් කිරීමේදි, පැළ තබන ස්තාන හොදින් සැලසුම් කර ගත යුතු වේ. තවද මාස කිහිපයක් යන විට පැළ වැඩීමට ලක්වන අතරා ඒවා කෙසේ පාලනය කරනවාද යන්නත් සිතෙන් මවා ගත හැකිනම් අපට තවත් ලේසි වේ.මෙම සැළසුම් කිරීමේදී ටැන්කියට ගල් හා කොටන් කැබලි ඇතුලත් කරන්න පුලුවන්නම්. ඒක ටැන්කියේ ස්වාභාවික පෙනුමට ගොඩක් උදව් කරනවා.
අපිට පුලුවන්නම් ටැන්කියට එකම වර්ගයක ගල් හෝ එකම හැඩයක කොටන් දාන්න, ඒක ටැන්කියේ සෞන්දර්‍යාත්මක බව වැඩි කරනවා.
ඔබ පැල මිළදීගෙන , ටැන්කියත් සූදානම් කරගත්තානම් දැන් ඔබට පැලැ සිටුව ගන්න පුලුවන්.මෙම සිටුවීමේදී ඔබට විශාල කාලයක් ගත විය හැක. එහිදී ඔබේ ඉවසීම වඩා වැදගත් වේ. ඔබ ඉවසන තරමට ඔබේ ටැන්කියද අලංකාර වේ.

Stem Plants( කදන් සහිත ජලජ පැලෑටි )














මෙම පැලෑටි බොහෝ විට මිළදී ගන්නා විට රබර් පටියකින් හෝ නූලකින් හෝ එක මිටියක් ලෙස ගැට ගසා ඇත.මෙහිදී ඉතා පරිස්සමෙන් පැල වලට හානි නොවන සේ රබර් පටිය ගලවා. පැළ එකෙන් එක ගලවා ගත යුතුය.ඔබට මෙම පැල පදුරට සිටුවිය හැකි නමුත් එවා එකින් එක ටැන්කියේ පිටුපසට වෙන්න සිටු විය හැකිනම් වඩාත් ලස්සන වේ.එහිදී ඔබට ප්‍රමාණවත් තරම් පැළ නොතිබීමට පුළුවනි. නමුත් ටික කලක් යන විට මෙම පැල දිගට වැඩේ. එවිට ඔබට එහි උඩ කොටස කඩා නැවත පැල කිරීමට හැක.තැනින් තැන පැල උසටත් ඒ අතරට මිටි පැලත් දැමීමෙන් ඔබේ ටැන්කොඉයට කදුකරයක හැඩයක් ලබා දේ.මෙම පැළැ අගල් දෙකක් අගාක් පමණ පොලව තුලට දැමිය යුතුය එහිදී පැල හොදින් මුල් අල්ලා වැඩේ.

Anubais and Java Fern

මෙම වර්ගයේ ශාක මින්මැදුර තුළ ඇති කොටන් වලට හෝ ජලයේ ඇති පාෂාණවලට සම්බන්ධ කිරීම අවශ්‍ය වේ.අවශ්‍ය ප්‍රදේශවල ශාක තැබන විට ඒවා බොහෝ විට බැඳ තැබිය යුතුය.තංගුස් නූල් ( මාලු අල්ලන නුල් ) යනු පැලෑටි බැඳ තැබීමේ විකල්පයක් වන අතර ශාකය වැඩීමට පටන් ගත් විට එම නූල් පෙනෙන්නේ නැත.කෙසේ නමුත් සමහර විට මෙය ශාක වල වර්දනය දුර්වල කල හැක. මේ සදහා කපු නූල්ද වඩාත් සුදුසු වේ.මෙම කපු නූල් කාලයක් යන විට ජලයේ දිය වී යයි.

Crypts/potted plants




Crypts/potted plants සාමාන්‍යයෙන් කපු පුළුන් සහිත කුඩා ප්ලාස්ටික් හෝ මැටි භාජන වල දමා ඇත.මේ වගේ බඳුන්වල ඇති ජලජ පැල සිටුවීම සඳහා, පුළුන් ඉවත් කර පැළෑටිය බඳුනෙන් ඉවත් කල යුතුය. මෙහිදී මූල පද්ධතිය ගැන වැඩිපුර සැලකිලිමත් වන්න.බඳුන් සමඟම කෙලින්ම පැල උපස්ථරයේ සිටුවිය හැකි වුවද, මම නම් එය කරන්නේ නැත. මොකද කිව්වොත් එයින් ශාක වර්ධනය සීමා කරනු ඇත.
මෙම පැල සිටුවීමට ඇති පහසුම ක්‍රමය නම්, බොරළු වල කුඩා සිදුරක් හාරා, පැළ බඳුනෙන් ඉවත් කිරීමෙන් පසු පැළය බොරළු තුලට තල්ලු කර සෑම පැත්තකින්ම ආවරණය කිරීමයි.

Moss( පාසි )


පාසි පාෂාණ සහ කොටන් මත තැබූ විට එය වඩාත් හොඳ පෙනුමක් ටැන්කියට ලබා දෙනු ඇත.එය විශේෂයෙන් විවෘත ප්‍රදේශවල සහ මතුපිටට ආසන්නව වේගයෙන් වර්ධනය වන ශාකයකි.මින්මැදුරේ ඕනෑම තැනක පාසි වගා කළ හැකි නමුත් කළු පාෂාණ හෝ අඳුරු පැහැති කොටන් වැනි අඳුරු පසුබිමක් සහිත තැනක වගා කළ පසු ඉතාමත් අලංකාරව පෙනේ.

Christmas Moss, Java Moss, Peacock Moss or Flame Moss අපි සාමන්‍යයෙන් දන්නා පාසි වර්ග වේ. මේවා සිටුවීම සදහා anubais and java ferns සිටුවන ආකාරයටම සිටුවිය හැක.පාසි ප්‍රමාණය හා ඝනත්වය හේතුවෙන් පාසි සිටුවීම අතිශයින්ම කලකිරවන ක්‍රියාවලියක් විය හැකිය.පැල සිටවූ පසු ෆිල්ටරය ක්‍රියා විරහිත කිරීම ඉතා හොද අදහසක් වන අතර රෝපණය වඩාත් සුමටව සිදු වේ.රෝපණය සඳහා ඇති පහසුම ක්‍රමය වන්නේ පාසි මත සිහින් පාට නැති කපු නූල් බැඳීමයි.
පාසි ඔබට අවශ්‍ය තැන සිටුවීමේදී එය ටැන්කියෙන් පිටතට ගෙන සිටවන විට ඔබට එය පහසු වේ.මෙහිදී තවත් හොද ක්‍රමයක් වන්නේ පාසි ස්තරය මත තැන්පත් කළ පසු ඊට උඩින් කාසියක් තැබීමයි. මෙහිදී නූලකින් ගැට ගැසීමට අවශ්‍ය නොවනු ඇත.මෙසේ සතියක් පමණ ගිය පසු ඔබට කාසිය ඉවත් කිරීමට පුලුවන්.


අප සමග සිටින ඔබට ස්තූතියි.........! EASY LIFE

කාර්ප් මසුන් ගැන සින්හලෙන් දෙවන කොටස

 🔴කාප් දෙවෙනි කොටස🔴 👉 පළමු කොටසෙ කිව්ව වගේ කෝයි මසුන් 16 න් 5ක් ගැන පොඩි විස්තරයක් දෙන්නම්. ටයිප් කරන්න අමාරුයි ඇත්තටම ගොඩක් ඒකයි කොටස් ව...