Sunday 19 January 2020

ෆ්ලවර් හොර්න් මසුන් ගැන සියලු විස්තර ( Flower horn fish care & keeping )

  මූලික කරුණු 

Flowerhorn යනු ඉතා සිත්ගන්නාසුලු හැසිරීමක් සහ සම්පූර්ණයෙන්ම අසාමාන්‍ය පෙනුමක් ඇති අද්විතීය මාළුවෙකි. මෙම මත්ස්‍යයා ඉතාමත් ප්‍රකෝපකාරී මත්ස්‍යයෙකි.ඇත්තටම මෙම මසුන් අභිජනනය සදහා ප්‍රසිද්ධ මැලේසියාවයි.නිරෝගී හා ඵලදායී අභිජනනයක් ලබා ගැනීම සහ විවිධ සිච්ලිඩ් වර්ග බෝ කිරීම (කිසිවෙකු තවමත් නිශ්චිතව මේ පිළිබදව නොදනී. ) සිදු කරනු ලැබුවේ මැලේසියාවයි.

Flower horn මසුන් දෙමුහුන් වේ.මෙම මසුන් සෙන්ටිමීටර 30-40ක් පමණ විශාල වන අතර ඔවුන්ට ඉඩකඩ සහිත ටැංකියක් අවශ්‍ය වේ. මෙම මසුන් සිටින ජලයේ උශ්ණත්වය 24–27 °C අතර තිබිය යුතුය. pH අගය 7.4–8.0 අතර තිබිය යුතුය. Flowerhorn මසුන් ටැංකියේ පතුල හෑරීමට සහ ටැංකියේ ඇති පැල අනුභව කිරීමට කැමැත්තක් දක්වයි. එබැවින් ඔබ ශාක සමඟ යම් ආකාරයක ලස්සන නිර්මාණයක් ටැන්කිය තුල කිරීමට හිතාගෙන ඉන්නවානම් ඇත්තටම ඒක නිශ්ඵල දෙයක්.
වෙළඳපොලේ සිටි මුල්ම Flowerhorn මසුන්ගේ පළමු අභිජනනය වූයේ හුවා ලූඕ හැන් වේ ( Hua Luo Han ). මෙසේ මුලින්ම බෝ කරන ලද්දේ දළ වශයෙන් 1998 දී ය.එතැන් සිට ඔවුන් ඉතා ජනප්‍රිය වූවා සේම මෙම මසුන්ගේ විවිධ වර්ග වල දෙමුහුන් වර්ගද බිහි විය.
වර්තමානයේ වඩාත් ජනප්‍රිය දෙමුහුන් වර්ග නම්: KamFa , Kamalau (KML හෝ Golden Monkey), Zhen Zhu (ZZ) සහා Thai Silk (Titanium Flower Horn), Red Dragon, Gold flowerhorn (golden base), Red Texas වේ.
Flowerhorn උපරිම වශයෙන් සෙන්ටිමීටර 30 (අඟල් 12) දක්වා දිග විය හැකිය. ශරීර දිග සෙන්ටිමීටර 40 ක පමණ වැඩෙන විශේෂ කිහිපයක් ඇත.මෙම මත්ස්‍යයන්ගේ වර්ධන වේගය තරමක් සිත් ඇදගන්නා සුළු ය, ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර තුළ ඔවුන් මසකට සෙන්ටිමීටර 2 බැගින් පමණ වර්ධනය වේ.මොවුන්ගේ ආයු කාලය අවුරුදු 8ත් 10ත් අතර වේ.

ගුණාත්මක හොද මත්ස්‍යයෙකු තෝරා ගන්නේ කෙසේද...?

  • මසුන්ගේ ශරීර හැඩය ශරීරය :- වටකුරු , ඕවලාකාර හැඩයෙන් හා විශාල උදරයක් තිබිය යුතුය. 
  • හම්ප් එක ( Hump ) :- එය ශරීර ප්‍රමාණයට වඩා විශාල හා සමමිතික විය යුතුය.
  • කළු ලප ( Black spot ) :- මෙය මෙම මසුන්ගෙ ප්‍රධන ලක්ෂණයක් වේ. ඒවා ඝන සහ පහසුවෙන් දෘශ්‍යමාන වීම වැදගත්ය.
  • වර්ණය :- නිතරම දකින Flowerhorn මසුන් සාමාන්‍යයෙන් රතු ය. කෙසේ වෙතත් ඕනෑම වර්ණයක් දීප්තිමත් හා හොඳින් වර්ණ ගැන්වී තිබිය යුතුය.
  • වරල් :- සියලුම වරල් හැකි තරම් විශාල විය යුතුය.
 බලා ගැනීමේදී ඇතිවිය හැකි දුශ්කරතා 

මෙම මසුන් රැකවරණය තරමක් පහසුය. 
බැලූ බැල්මට සිතෙන්න පුලුවන් මෙම මසුන් ඕනම කෙනෙකුට හදන්න පුලුවන් කියලා නමුත් හේතු කිහිපයක් කිහිපයක් නිසා එහෙම කරන්න අමාරුයි.
මුල්ම කාරණය  මේ මාලුන්ට ගොඩක් ලොකු ඉඩක් ඕන නිසා ලොකු ටැන්කියක් ඕන.
දෙවෙනි කාරණය  මෙම මසුන් ඉතා ආක්‍රමණශීලී සහ තම භූමිය තනිව බුක්ති විදීමට කැමතිය එබැවින් මෙම මසුන් කිසිදු ටැංකි සහකරුවෙක් හෝ පැලෑටි නොමැතිව තනිවම ටැංකියක තබා ගැනීම යෝග්‍ය වේ.
අවසාන වශයෙන් මෙම මසුන් ඉතා ආක්‍රමණශීලී නිසා අපි ඔවුන්ට ආහාර දෙන විට හෝ නඩත්තු කරන අතරතුර අපගේ අතට පහර දීමට හැකිය. නමුත් හොදින් පුරුදු කර ගත හැකිනම් ඔවුන් අපගේ අතට පවා ගැනීමට හුරු කර ගත හැකිය.
කෙසේ වෙතත්, මේ ඔබට සුදුසුම මාළු බව ඔබට විශ්වාස නම් ඔවුන් ඔබට හොදින් රැක බලා ගැනීමට හැකිනම් ඔබ මෙම මසුන් සෑදුවාට කමක් නැත.ඉහත සඳහන් සියලු බාධක තිබියදීත්, මෙම මාළු ඔබට සුදුසු නම් මෙම මසුන් හොදින් අධ්‍යයනය කරන්න සහ ඔබට යම් ගැටලුවලට මුහුණ දීමටද සූදානම් වීමට සිදු වේ.

පෝශණය කිරීම

මෙම මසුන් ආහාර තේරීමක් නොකරන අතර ඔවුන්ට ප්‍රෝටීන් අඩංගු ඕනෑම කෘත්‍රිම හෝ සජිවී අහාරයක් ලබා දිය හැකිය.ඒ blood worm, වියළි ඉස්සන් හෝ නැවුම් හාල්මැස්සන් (හෝ වෙනත් කුඩා මාළු), අඩු මේද මාළු (ගෝල්ඩ් ෆිෂ් වැනි) දීමෙන් හොදින් පෝශණය කළ හැක.
මෙම මසුන්ගේ ආහාරයට ශාක එකතු කිරීමක් කරන්නේනම් වඩාත් ගුණාත්මක වේ.මෙම මසුන් ආහාර ගැනීමට කෑදරකමක් දක්වන අතර ඔවුන් ඒ සදහා රුචියක් නොදක්වයි නම් ඔවුන් යම් අසනීපයකින් පෙලෙන බව ඔබ තේරුම් ගත යුතුය.කෙසේ වෙතත් ඔවුන්ට ඔබ ඕනෑවට වඩා අහාර නොදිය යුතුය.
මෙම මසුන්ට ඔබ කෘත්‍රීම ආහාර දෙන්නේනම් හොදම උසස් තත්වයේ ආහාර වර්ගයක් ලබා දිය යුතුය. මන්ද එම ආහාර වලින් ඔබගේ මත්ස්‍යයාගේ වර්දනය හොද වන අතරම ඔබගේ ටැන්කියද පිරිසිදුව තබා ගැනීමට උපකාරී වේ.

 ටැන්කියකට යොමු කිරීම හා බලා ගැනීම 

දකුණු ඇමෙරිකාවෙන් පැවත එන අනෙකුත් සික්ලිඩ් මසුන්ට මෙන්ම මෙම මසුන්ටද විශාල ටැන්කි ඉඩ කඩක් අවශ්‍ය වේ.මෙම මසුන් තනිව ටැන්කියේ තබන්නේ නම් අවම වශයෙන් ගැලිම් 70ක් පමණ ටැන්කියක් සුදුසු අතර ඊට වඩා විශාල වන්නේ නම් තවත් හොද වේ.
මෙම මසුන් යුවලක් එක් ටැන්කියක දමා ඇත්තේ නම් අවම වශයෙන් ගැලුම් 120ක් පමණ ටැන්කියක් අවශ්‍ය වන අතර. වෙනත් සික්ලිඩ් වර්ග සමග මෙම මසුන් සෑදීමට කැමැත්තක් දක්වන්නේ නම් අවම වශයෙන් ගැලුම් 175ත් 200ත් අතර ටැන්කියක් තෝර ගත යුතුය.
ෆිල්ටරයක් තොරා ගැනීමේදී මෙම මසුන් ඉතා පිරිසිදු ජලයට කැමති බැවින් ඔවුන් සදහා කැනිස්ටර් ෆිල්ටර් එකක් භාවිතය ඉතාමත් සුදුසු වේ.තවද සතිපතා ටැන්කිය පිරිසිදු කරන්නේනම් වඩාත් හොදය.
කෙසේවෙතත් ටැන්කිය අලංකරණය කිරීමට ටැන්කිය පතුලට කුඩා ගල් කැට දැමීම හා ශාක දැමීම කළ නොහැකිය. ඒ මෙම මසුන් පොලොව හෑරීමට කැමැත්තක් දැක්වීම හා ශාක අනුභව කිරීම හා හෑරීම නිසායි.අවශ්‍යමනම් පතුළට විශාල ගල් කැබලි දැමිය හැක. කෙසේ වෙතත් මෙම මසුන් සැගව සිටීමට අකමැති ක්‍රියාකාරී මසුන් විශේෂයකි.
මෙම මසුන්ගේ ආක්‍රමණශීලී බව අඩු කිරීම සදහා මොවුන්ට ඉතා විශාල ටැන්කියක් සමග ටැන්කි සහකරුවන් යොදා ගත හැකිය.මේ සදහා ජගුවර් සික්ලිඩ් , ඔස්කා හා පාකු වැනි මසුන් යොදා ගත හැකිය.
කොහොම උනත් මෙම මසුන් ඇති කරන්නන්ගේ හා මාගේ මතය වන්නේ මෙම මසුන් තනිව සෑදීම සුදුසු බවයි.

අභිජනනය

මෙහිදී ගැහැණු සත්වයා හා පිරිමි සත්වයා තේරීමේදී එතරම් කීමට දෙයක් නොමැත ඔබට බැලූ බැල්මටම ගැහැනු මත්ස්‍යා හා පිරිමි මත්ස්‍යයා අදුනා ගත හැක.බොහෝ දෙමුහුන් මසුන් අභිජනනය කළ නොහැක.නමුත් මෙම Flowerhorn මසුන් වාසනාවට මෙන් අභිජනනය කළ හැක.
ඔබට හොද ගුණාත්මක පැටවුන් අවශ්‍ය වේ නම්. හොද ගුනාත්මක මව් සතුන් අවශ්‍ය වේ.( fh male + fh female ).මෙම මසුන් අභිජනනය අනෙකුත් සික්ලිඩ් වර්ග අභිජනනය කිරීම සමග සමාන වේ.සාමන්‍යයෙන් මෙම මසුන් සිටිනා ටැන්කියේම බෝ කර හැකි අතර විශාලතම ගැටලුව වන්නේ පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයාට පහර දීමයි.ඔබ ටැන්කිය සෑදීමේදී ගැහැණු සත්වයාට සගවීමට හැකි ස්තානයක්ද සකස් කළ යුතුය.
තවත් ක්‍රමයක් නම් දැලක් භාවිතයෙන් ටැංකිය කොටස් දෙකකට බෙදීමයි, එහිදී ගැහැණු සතුන් ආරක්ෂිත වන අතර අනෙක් මසුන් දැකීමෙන් පැටවුන් බිහි කිරීමේ ආරම්භය උත්තේජනය කරයි.
මෙහිදී ගැහැණු සත්වයා ඉන්න කොටසේ සියලු දේවල් ඉවත් කර හට්ටි කැබැල්ලක් හෝ ටයිල් කැටයක ගොරෝසු පැත්ත උඩට සිටින සේ දැමිය යුතුය. එහිදී ගැහැණු සතා බිත්තර ඇලවූ පසු එම ටයිල් කැබැල්ල පිරිමි සත්වයා සිටින පැත්තට දැමූ පසු පිරිමි සත්වයා විසින් බිත්තර සන්සේචනය සිදු කරයි.එහිදී ජලයේ උශ්ණත්වය 28°C යුතු අතර pH අගය 7.0 තිබිය යුතුය.
බිත්තර වලින් පැමිණි කුඩ පැටවුන්ට brine shrimp ලබා දිය හැකිය.


අප සමග සිටින ඔබට ස්තූතියි.........! EASY LIFE

No comments:

Post a Comment

කාර්ප් මසුන් ගැන සින්හලෙන් දෙවන කොටස

 🔴කාප් දෙවෙනි කොටස🔴 👉 පළමු කොටසෙ කිව්ව වගේ කෝයි මසුන් 16 න් 5ක් ගැන පොඩි විස්තරයක් දෙන්නම්. ටයිප් කරන්න අමාරුයි ඇත්තටම ගොඩක් ඒකයි කොටස් ව...