Saturday 28 December 2019

ඩිස්කස් මසුන් ගැන සිංහලෙන් Discus Fish Sinhala



Discus මූලික කරුණු

discus (Symphysodon) මසුන් යනු ඉතා අසාමාන්‍ය ශරීර හැඩයක් ඇති ඇදහිය නොහැකි තරම් ලස්සන මත්ස්‍යයෙකි. මෙම මසුන් බොහො විට මිරිදිය ටැංකි වල රජකු ලෙස හැදින්වේ.
මොවුන් cichlid කුලයට අයත් වන අතර එය උප විශේෂ තුනකට බෙදා ඇත.ඒවායින් දෙකක් දැනටමත් දීර්ඝ කලයක් තිස්සේ දන්නා අතර තුන්වන ප්‍රභේදය තරමක් මෑතකදි සොයගෙන ඇත.
ඇමසන් ගගේ මධ්‍යම හා පහත් මාවත් වල වාසය කරන Symphysodon aequifasciatus හා Symphysodon discus වඩාත් ප්‍රචලිත මත්ස්‍ය විශේෂ වේ.
තුන්වන උප විශේෂය වන්නේ Symphysodon haraldi නම් විශේෂයයි. තැටි හැඩැති ශරීරයක් සහිත තරමක් විශාල මාලුවෙකි.මෙම මසුන්ගේ විවිද ප්‍රභේධ වලට අනුව 20cm-25cm දක්වා
වර්ධනය විය හැක. වසර 10 පමණ ජීවත් වීමට හැකියාවක් ඇත. කෙසේ වෙතත් මෙම මත්ස්‍යාට දුරවල ප්‍රතිශක්තියක් තිබීම නිස රෝග වැලදීමට ඇති හැකියාව වැඩිය.

Discus මසුන් බලා ගැනීමේදී ඇති විය හැකි අපහසුතා හා පිළියම්




මෙම මසුන් ඇති කිරීමේදී ඇති වන පළමු දුශ්කරතාව වන්නේ මිලදී ගත් මසුන් ඔබගේ ටැන්කියට හුරු කර වීමයි. මෙහිදී වැඩිහිටි මසුන් හුරු කරවීම තරමක් පහසුවෙන් සිදු කර ගත හැකි නමුත්
බොහෝදුරට එම මසුන් පවා ආතතියට පත් විය හැක. discus මත්ස්‍යයෙක් මිළදී ගැනීමට පෙර මෙම කරුණු පිලිබදවත් සිතා බැලිය යුතුම වේ.






  • ශරීර ප්‍රමාණය.
  • වැලදිය හැකි රෝග හා ඒවාට ඇති පිලියම්.
  • ඔබට ඔවුන් රැකබලා ගැනීමට හා පෝශණය කිරීමට ඇති හැකියාව.
  • ජලයේ උෂ්ණත්වය.
  • Ph අගය.

තවද ඉඩකඩ සහිත ටැන්කියක් , ඉතා හොද ෆිල්ටර් එකක් , හොද වෙලද නාමයක් සහිත ආහාර හා මනා ඉවසීමක් අත්‍යාවශ්‍ය වේ.මෙම මසුන් මිළදී ගැනීමේදී ඔබ ප්‍රවේශම් විය යුතු වේ. මන්ද මෙම මසුන්ට සුදු ලප හා වෙනත් රෝග වැලදී තිබීමට ඇති හැකියාව වැඩි බැවිනි.එහිදී මසුන් ඔබ මිලදී ගෙන නව ටැන්කි සදහා යොමු කිරීමේදී මසුන්ගේ මානසික ආතතිය හේතුවෙන් රෝග සංවර්ධනය උත්තේජනය කරයි.

Discus මසුන් පෝෂණය කිරීම

ආහාර දීමේදී ප්‍රධාන වශයෙන් සජීවී ආහාර හෝ ශීත කළ ආහාර දිය හැක.උදාහරණයක් ලෙස 
  • Blood warm

  • Brine shrimp

  • Gammarus

දැක්විය හැක. කෙසේ වෙතත් වෘත්තීය මත්ස්‍ය පාලකයින් හොද සන්නාමයක් සහිත ආහාර , ඉස්සන් , විටමින් වර්ග හා විවිධ එළවළු වර්ග ලබා දෙයි.

Discus මසුන් සදහා ටැන්කියක් තෝරා ගැනීම හා බලා ගැනීම

මෙම මසුන් සදහා අවම වශයෙන් ලීටර් 200 පමණ ධාරිතාවක් ඇති ටැංකියක් සුදුසු වේ.නමුත් ඔබ මසුන් දෙදෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් තබා ගැනීමට සිතන්නේ නම් ටැන්කියේ ධරීතාවද තව වැඩි කළ යුතු වේ.එම මසුන් උස බැවින් ටැන්කියද සාමන්‍ය ටැන්කියක ප්‍රමායනට වඩා උස විය යුතුය.මෙහිදී වඩාත් බලවත් ෆිල්ටර් පද්ධතියක් භාවිතය වඩාත් උචිත වේ.සතිපතා ටැන්කියෙන් අඩක් පමණ ජලය අලුත් කිරීම කළ යුතුය.එහි උෂ්ණත්වය සම්බන්ධයෙන් ගත් කල මෙම මත්ස්‍යයන් සදහා නිවර්තන මාලු බහුතරයකට වඩා උණුසුම් ජලය අවශ්‍ය වේ. ජලයේ උශ්ණත්වය වෙනත් මසුන් සදහා බලපාන ප්‍රධනතම සාධකයයි.මෙම මසුන්ට 28 - 30C` අතර උශ්ණත්වයක් අවශ්‍ය වන අතර Ph අගය 6.0 - 6.5 අතර ප්‍රමාණයක් තබා ගත යුතු වේ. වෙනත් පරාමිතීන් යටතේ මෙම මත්ස්‍යයා රෝගතුර වීමට හෝ මිය යෑමට ඉඩ ඇත.

Discus මසුන් ටැන්කියට හදුනවා දීම

ඔබ මසුන් ටැන්කියට මුලින් දැමූ කල මසුන්ට මානසික ආතතියෙන් මිදීමට යම් කාලයක් ලබා දිය යුතුය.ටැන්කියට ආලෝකය නොදමන්න, ඒ අසල යෑමෙන් වළකින්න තවද මසුන්ට සැගවීමට හැකි පරිදි කොටයක්, හට්ටි කැබැල්ලක්(මසුන්ට තුවාල නොවන පරිදි) හෝ ශාක කිහිපයක් දමන්න.

Discus මසුන් සදහා Tank mates තෝරා ගැනීම

වඩාත් උචිත වන්නේ මෙම මත්ස්‍ය වර්ගය පමණක් ටැන්කිය තුල ඇති කිරීමයි.නමුත් ඔබට මෙම මසුන් සමග වෙනත් මත්ස්‍ය වර්ගයක් සෑදීමට අවශ්‍ය වන්නේ නම්.

  • Cardinal tetra
  • Neon tetra
  • Ram cichlid
  • Rummy nose tetra
  • Congo tetra
  • Clown loach
මෙම මසුන් යොදා ගත හැක.

අභිජනනය සදහා Discus මසුන් වෙන් කර ගැනීම

මෙහිදී ගැහැණු හා පිරිමි මසුන් තෝරා ගැනීම තරමක් අපහසු වේ. ඔබට ඔවුන් හදුනා ගත හැක්කේ පැටවුන් කාලය තුල පමණි. නමුත් සමහර පළ පුරුදු මාලු ඇති කරන්නන් විසින් එම මසුන්ගේ පිරිමි  සතා හිසෙන් වෙන්කර හදුනා ගනී.මෙහිදී පිරිමි සතාගේ නළල හා තොල් ප්‍රමාණයෙන් අඩුවේ.


Discus මසුන් අභිජනනය

ොබ ඔබගේ මසුන් අභිජනනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, වඩාත් හොද වන්නේ ඔබ තරුණ හොදින් වැඩුන මසුන් 6ත් 8ත් අතර ප්‍රමාණයක් මිළදී ගැනීමයි. කාලයත් සමග ඔබට අවම වශයෙන් යුවලක්වත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
මාලු යුවලක් සෑදීමේ ක්‍රියාවලිය සදහා අප මැදිහත් විය යුතු නැති අතර මසුන් විසින්ම එය තනිව කර ගනු ඇත.
කෙසේවෙතත්, කල් තියාම ඔවුන් සදහා නිසි ප්‍රමාණයේ ටැන්කියක් සකස් කිරීම යෝග්‍ය වේ.ඒ මන්දයත් මෙම මසුන් වේගයෙන් වැඩෙන බැවිනි.

මාලු යුවල තම බිත්තර අනුභව කරන්නේනම් අප කල යුත්තේ කුමක්ද...?

මෙම මසුන් අභිජනනයේදී මෙය බෙහෙවින් පොදු සංසිද්ධියක් වන අතර එය බොහෝ විට තරුණ මසුන් අතර දක්නට ලැබේ.එහිදී ඔබ යුවළ වෙන් කිරීමට ඉක්මන් නොවන්න.එය මසුන්ගෙ ඉදිරි අභිජනන ක්‍රියාවලියේදී ඔවුන්ට හැඩ ගස්වා ගැනීමට උපකාරී වේ.
බොහෝවිට අවස්තා කිහිපයක අසාර්තක බිහිවීමකින් පසුව සෑම දෙයක්ම හොද අතට හැරේ.
සාමාන්‍යයෙන් ඔබට බිත්තර කන මව්පියන්ගෙන් පැටවුන් වෙන් කිරීමට වුවහොත් එය වීදුරුවකින් හෝ දැලකින් වෙන් කළ හැකිය.එසේත් නොමැතිනම් ඔබට මව් සතුන් දැලක් මගින් ආවරනය කර තැබිය හැක එහිදී කුඩා පැටවුන් හට එම දැල තුලින් පිටතට යා හැක.
කෙසේ වෙතත්, මව් සතුන් මෙම අවස්තාවේ බිත්තර කෙරෙහි ඇති උනන්දුව සම්පූර්ණයෙන්ම නැති විය හැකිය. මව් සතුන් බිත්තර කිහිපවතාවක් දැමීමෙන් පසුවත්. ඉහත සදහන් කිසිවක් උපකාරවත් නොවන්නේ නම් මාලු යුවල බිත්තර දැමීමෙන් පසු ඉවත් කළ යුතු වේ.

ඔබට ඇති තවත් ප්‍රශ්නයක්නම්..., මාළු බිහිවූ පසු දිගටම ටැංකි ජලය අලුත් කළ යුතුද...?

සාර්තකව මෙම මසුන් බෝ කිරීමෙදී ටැංකියේ ජලය ඉතාමත් පිරිසිදු වීය යුතුය.හැකියාවක් ඇත්නම් ටැංකිය පිරිසිදු කිරීම යම් කාල සටහනකට අනුව සිදු කරන්න විශේෂයෙන් පැටවුන් සිටින ටැංකිය කුඩායි නම් ( ලීටර් 100 පමණ නම් ).

මෙසේ ජලය ඉවත් කිරීමේදි ඔබ ජලය කුඩා ප්‍රමානයක් ඉවත් කළ යුතු අතර එම ඉවත් කළැ ප්‍රමාණයට සමාන ජල ප්‍රමාණයක් පමණක් දැමිය යුතුය.


පැටවුන් සිටින ටැංකියේ ආලෝකය අඳුරු විය යුතුය, නමුත් එය පැටවුන් බිහි කිරීමේදී දවසේ පැය 24 පුරාම තිබිය යුතුය. මේ සදහා බිත්තර ඇති ටැංකියේ සිට යම් දුරකින් තබා ඇති අඩු බලැති ලාම්පුවක් භාවිතා කළ හැක.

ටැංකියේ ජලය උපරිම ලෙස මෘදු විය යුතුය (2-3 degrees) සහ තරමක් ආම්ලික විය යුතුය (6 6-6,2 pH). 

ස්තූතියි...! EASY LIFE


No comments:

Post a Comment

කාර්ප් මසුන් ගැන සින්හලෙන් දෙවන කොටස

 🔴කාප් දෙවෙනි කොටස🔴 👉 පළමු කොටසෙ කිව්ව වගේ කෝයි මසුන් 16 න් 5ක් ගැන පොඩි විස්තරයක් දෙන්නම්. ටයිප් කරන්න අමාරුයි ඇත්තටම ගොඩක් ඒකයි කොටස් ව...